Home අද ශිෂ්‍යත්ව විභාග නඩුවේ තීන්දුව නිකුත් වෙයි – නිදහස් ලකුණු ලබාදීම මූලික මිනිස්...

ශිෂ්‍යත්ව විභාග නඩුවේ තීන්දුව නිකුත් වෙයි – නිදහස් ලකුණු ලබාදීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

486
0

පසුගියද අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කොට තිබේ.

මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් මෙහිදී නියෝග කෙරුණි.

ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කරුවන් සදහන් කර තිබූණේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි. ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Previous articleරට කරවන්න මාලිමාවෙන් බෑ : ජවිපෙ කාඩරය ගේන්න යෝජනාවක් !
Next articleමහින්ද රාජපක්ෂ නිවාස අඩස්සියට ? සාගරගෙන් හෙළිදරව්වක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here