චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය එළිදක්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
CR 450 ලෙස හඳුන්වන මෙම දුම්රියේ මුල් ආකෘතිය පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් අපේක්ෂා කරන අතර එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කරන CR 400 – ෆුෂින්ග් අධිවේගී දුම්රියවලට වඩා සැලකිය යුතු තරම් වේගවත් බවද විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මෙම අධිවේගී දුම්රිය මෝටර් රථ බලයෙන් ක්‍රියාත්මක වන මැදිරි 04කින් සහ මෝටර් රථ බලය නොමැතිව ක්‍රියාත්මක වන මැදිරි හතරකින් සමන්විත වේ