Home අද පාසල් පවත්වන දින 210, ලබන වසරේ 181 ක් දක්වා අඩු කෙරේ

පාසල් පවත්වන දින 210, ලබන වසරේ 181 ක් දක්වා අඩු කෙරේ

37
0

රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද එළඹෙන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබේ.

ඒ අනුව 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිත අතර ලබන වසර සඳහා වන පාසල් වර්ෂය ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26ක් ඇති අතර, ඉන් දින 4ක් පමණක් සති අන්තයේ යෙදී තිබේ. අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇති බැවින් දින 210ක කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වීමත් සමග මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා කර තිබෙන බවද සඳහන් වේ.

Previous articleනව යුධ හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ?
Next articleලොව වේගවත්ම දුම්රිය චීනයෙන් (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here