Home අද ගාර්මන්ට් ට්‍රාන්ස්පෝට් එක අල්ලන්න ගිය මාලිමා මන්ත්‍රී ගුටි නොකා පලායයි !

ගාර්මන්ට් ට්‍රාන්ස්පෝට් එක අල්ලන්න ගිය මාලිමා මන්ත්‍රී ගුටි නොකා පලායයි !

2158
0

කුරුණෑගල බිංගිරිය පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැළසීමේ අවස්ථාව ඉල්ලා එම ආයතනයට මාලිමාවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි .

මෙතක් එම ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයූ පිරිස් පවසන්නේ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පැමිණ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනස් කරන ලෙසට පාලනාධිකාරියට බලපෑම් එල්ල කළ බව වන අතර තවත් පිරිසක චෝදනා කර සිටියේ මෙම මාලිමාවේ පිරිස පාලනාධිකාරියෙන් කප්පම් ලබා ගැනීමට පැමිණි බවයි .

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස රාජ්‍ය ආයතනයක ප්‍රශ්නයක් නම් ඒ සඳහා මැදිහත්වීම ගැටළුවක් නොවන නමුත් මෙහිදී සිදුවූයේ පෞද්ගලික ආයතනයක ප්‍රවාහන පහසුකම් සැපයීමේ අවස්ථාව හෝ නැතිනම් ඒ වෙනුවට බලහත්කාරයෙන් කප්පම් ලබාගැනීමට ගනුලැබූ උත්සාහයක් අනුමත කළ නොහැකි බවද ඔවුන් පවසයි .

මේ අවස්ථාවේ දැනට එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සපයන පාර්ශ්ව පැමිණ මඟ හරස්කර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට අවහිරකර ඔවුන්ගෙන් කරුණු විමසා ඇති බවද වාර්තා වෙයි .

එහිදී ඔවුන් පවසා ඇත්තේ කර්මාන්තශාලාවේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවධිමත් බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි ගිය බවයි .

නමුත් එහි ප්‍රවාහන පහසුකම් සපයන පිරිස සඳහන් කර සිටින්නේ අදාළ මන්ත්‍රී ඇතුළු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුනට ලබාදෙන ලෙස ආයතනයට බලපෑම් කර ඇති බවය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති ආකාරයට ඒ මන්ත්‍රී වරයා මාලිමාවේ බිංගිරිය ආසන සංවිධායක විජේසිරි බස්නායක මහතා වේ.

No description available.

Previous articleඉමිතියාස්ගෙන් සජිත්ට සැර ලිපියක් !
Next articleජනාධිපති අරමුදල නව වසරේ නව නිවහනකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here