නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ නම අද (30) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනුව වාර්තා වේ.
වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.