තමන් සම්බන්ධයෙන් පෞද්ගලිකව ඉලක්ක කර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පැමිණිලි කළ බව ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.
මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරිය අද (27) සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ පැමිණිල්ලේ පිටපතක් ද එක්කර ඇත.
පහත දැක්වෙන්නේ එම පැමිනිල්ලයි.
අද මේ ආකාරයට කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරිය සමාජ මාධ්‍ය තුළ අවධානයට පාත්‍ර වූයේ නම් ගම් නොමැතිව ලංකාදීප පුවත්පත ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක පළවූ පුවතක් පදනම් කරගෙන ය.
කෙසේ වුවත් එම පුවතේ මන්ත්‍රීවරිය ගේ නමක් සඳහන් නොවූ අතර, ඊට පදනම් වී තිබුණේ ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිය බිරිඳ ගේ ප්‍රාඩෝ රථය බලහත්කාරයෙන් ගෙන යාම, ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරියක සමඟ ඔහුට ඇති අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ පවුල් ආරවුලක් පිළිබඳ අදාළ මන්ත්‍රීවරයා ගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකි.
කෙසේ වුවත් සිය සමාජ මාධ්‍ය ගිනුමේ ඇය තැබූ සටහන අවසන් කර තිබෙන්නේ , “මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු😄💪🏻” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් newshub.lk පළකල පුවත පහත දැක්වෙයි.
මන්ත්‍රී සැමියා බලෙන් රැගෙන ගිය බිරිඳගේ ප්රාඩෝව නිසා මාලිමා මන්ත්‍රී යුවලකගේ අනියම් පෙම එළියට