Home අද ඇමතිකමත් එක්කම මන්ත්‍රීකමත් ඉවරයි ද? – මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට...

ඇමතිකමත් එක්කම මන්ත්‍රීකමත් ඉවරයි ද? – මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

981
0

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය උපාලි පන්නලගේ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරන අවස්ථාව වන විටත් ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි බවට චෝදනා කරමින් අභීත නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලාගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

උපාලි පන්නලගේ මහතා රාජ්‍ය සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනූ එක් වැනි ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් ඕෂල හේරත් මහතා ගොනු කළ පෙත්සම මගින් පෙන්වා දෙයි.

මෙම කරුණු මත උපාලි පන් නිලගේ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට. එහි අසුන් ගැනීමට. සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සුදුසු නොවන බවට තීන්දු කර ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙස්සම් කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Previous articleසහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ
Next article‘ලංකා T10 සුපර් ලීග්‘ ශූරතාවය‘ බංග්ලා ටයිගර්ස්‘ දිනාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here