Home අද පෝලිමේ ආච්චිලාට බණ කියූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක්! නුවර අහස කම්පා කල...

පෝලිමේ ආච්චිලාට බණ කියූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක්! නුවර අහස කම්පා කල දුක හිතෙන පුවත මෙන්න

1440
0

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව දැඩි තදබදයකට ලක්ව, නොසන්සුන් ලෙස හැසිරීමේදී බුද්ධ දේශනාවේ කරුණු ඇසුරෙන් එම ජනතාව සන්සුන් කිරීමට කටයුතු කළ පොලිස් නිලධාරීවරයකුහට වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බවට චෝදනා නැඟෙමින් තිබේ.

මේ සම්බන්ධව පාර්ශ්ව කිහිපයක්ම අදාළ ස්ථාන මාරුව ලබාදීම පිළිබඳව විරෝධය දක්වමින් සමාජ මාධ්‍යට වීඩියෝ නිකුත්කර ඇත.

එහිදී ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ පීඩාවට පත් ජනතාව තැවුල් සිත් ඇතිකරගෙන සිටියදී ධර්ම කරුණු ඇසුරෙන් ඔවුන්ගේ හිත් සුවපත් කිරීම මේ පොලිස් නිලධාරීවරයා සිදුකළ වරදදැයි කියාය.

එසේම ඇතමුන් ප්‍රශ්න කර තිබෙන්නේ පොලිස් නිලධාරීවරයෙකුට ධර්ම කරුණු පැවසීමට තහනමක් ඇද්ද කියාය.

එසේම අදාළ නිලධාරීවරයා සිය රාජකාරිය ද අකුරටම ඉටුකළ බවද ඔවුන්ගේ මතය වී තිබේ.

අදාළ නිලධාරිය ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු වන බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ සහ පොලිස්පති ඇතුලු වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමුවිය යුතූ බවද ඔවුන් පවසයි

Previous articleපාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙනුත් කමිටුවක් !
Next articleජනපති අවුරුදු SMS එක එවපු නැති නිසා රටට ලක්ෂ 980ක් ඉතුරුයි- කොට්ටහච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here