Home අද පාර්ලිමේන්තුවේ පෙන්නපු සහතික තාම හැන්සාර්ඩ් කාර්යාලයට දීලා නෑ – දැකපු නැති නිසා...

පාර්ලිමේන්තුවේ පෙන්නපු සහතික තාම හැන්සාර්ඩ් කාර්යාලයට දීලා නෑ – දැකපු නැති නිසා මොකුත් කියන්න බෑ

161
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන සහතික පෙන්වා ඉන් පිටව ගියද එම සහතික මේ වනතෙක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලය වෙත ලබාදී නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ වෛද්‍ය නලින්ද ජයතිස්සස මහතා තවදුරට කියා සිටියේ ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සහතික පරිශීලනය කිරීමට මෙතෙක් ඒවා නොලැබුණ බැවින් ඔහුගේ සහතික සම්බන්ධව යමක් ප්‍රකාශ කිරීමට නොහැකි බවය.

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ලේඛන හැන්සාඩ් කාර්යාලයට හෝ පුස්තකාලයට භාරදීම සම්ප්‍රදායක් වන නමුත් අද උදේ වන තෙක් සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් ලේඛනය භාරදී නොතිබූ බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉවත් වූයේ ඔහුගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සඳහා කාලයක් ලබාගත යුතු නිසා බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කීය.

Previous articleශිෂ්‍යත්ව විභාගයේ CID රහසිගත වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට !
Next articleඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here