Home අද දිවයින වටා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං !

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං !

32
0

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං උතුර සිට වයඹ දක්වා වන දිශාවලින් හමා එන අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන හෙයින් එය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකියි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

Previous articleලුණු ත් පිටරටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය !
Next article13 දෙනෙකුගේ ජිවිත අහිමි කළ ඉන්දියාවේ අනතුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here