ඉන්දීය නාවික හමුදාවේ ප්රහාරකයාත්රාවක් මගී යාත්‍රාවක ගැටීමෙන් පුද්ගලයින් 13 දෙනකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයිි.
මුම්බායි වෙරළට ඔබ්බෙන් ධාවනය වූ නාවික හමුදා යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ඊයේ 18 සවස මෙම අනතුර සිදුව තිබේ.
මුම්බායි වරායෙන් ගමන් ආරම්භ කළ නිල් කමල් නමැති යාත්‍රාව මුම්බායි ආසන්නයේ පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එලිපන්ටා දූපත වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
අධික වේගයකින් ධාවනය වූ නාවික හමුදා යාත්‍රාවට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මගී යාත්‍රාවේ ගැටී තිබෙන අතර ඒ වන විට මගී යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කර ඇති බව හෙළිවී තිබේ.
අනතුරෙන් නාවික හමුදා සාමාජිකයන් 03 දෙනෙකු. මගීන් 10 දෙනෙකු මියගොස් සිටින අතර 15 දෙනෙකුට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව අනාවරණය වී තිබේ.
සිටින අතර නාවික හමුදා යාත්‍රාවේ එන්ජිමේ ඇතිවූ දෝෂයක් නිසා මෙම අනතුර සිදුවී ඇති බව ඉන්දීය නාමික හමුදාව ප්‍රකාශ කර ඇත.