Home අද ISB ලේඛන සභාගත නොකර වැ.බ. මුදල් ඇමති මාරුවෙලා ! ඇයි ඒ ?

ISB ලේඛන සභාගත නොකර වැ.බ. මුදල් ඇමති මාරුවෙලා ! ඇයි ඒ ?

39
0

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ලියවිල්ල අද (17) පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පෙරවරුවේ වැඩබලන මුදල් අමාත්‍යවරයා වන හර්ෂණ සූරියප්පෙරුම පොරොන්දු වූවද ඔහු එය සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි .

ලැජ්ජා සහගත ලෙස වැඩබලන මුදල් අමාත්‍යවරයා අදාළ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත නොකළත් , මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් අද 12.08 ට ජාත්‍යන්තරයට නිකුත්කර ඇති ලේඛනය තමන් සභාගත කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට මෙරට ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් රජය ඉදිරිපත් කළ ලියවිල්ලට එකඟතාව පළකර තිබෙන්නේ එය ඔවුන්ට අතිශය වාසි සහගත නිසා බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් විය .

ඊට අදාළ අවසන් තීරණ දෙසැම්බර් 16 වන දින දැනුම් දෙනු ලැබීමට නියමිතව තිබූ අතර, පැරණි බැඳුම්කර අවලංගු කර ඒ වෙනුවට අලුත් බැඳුම්කර නිකුත් කිරීම දෙසැම්බර් 20 දින සිදුවීමට නියමිතය.

Previous articleපෝලිම් යුගයක පෙරනිමිති : සහල් ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !
Next articleඑදා බැනපු එට්කා ගිවිසුමට අද මල් තියලා වදිනවා: ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදේ – නලින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here