Home අද සුරාබලපත් ගැන සීයාගෙන් නිවේදනයක් : සියල්ල නීත්‍යානුකූලයි : ආදායම බිලියන 3.1 යි...

සුරාබලපත් ගැන සීයාගෙන් නිවේදනයක් : සියල්ල නීත්‍යානුකූලයි : ආදායම බිලියන 3.1 යි ! (නිවේදනය සහිතයි )

233
0

තම පාලන කාලයේදී නිකුත්කළ සියලු සුරා බලපත්‍ර නිකුත්කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බවත් එම බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනල්වරයා නිර්දේශ කළ අයැදුම්පත් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කළ අතර එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන අතර අදාළ බලපත් නිකුත් කිරීම මඟින් මාස 9ක කාලයක් තුළ රුපියල් බිලියන 3.1 කට අධික ආදායමක් උපයා ඇති බවද එහි සඳහන් කර ඇත .

නිදහසින් පසු 2022 වසර වනතුරු ම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතිබුණ බවත්, 2022 වර්ෂයේදී රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අතර රට පත්ව තිබූ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ අවස්ථාවේදී රජයට දැනුම්දී තිබුණු බවද එම නිවේදනය මඟින් සිහිපත් කර තිබේ .

ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීමේ අරමුණ ඇතිව සුරාබදු බලපත්‍ර නිකුත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් පෙන්වා දෙන අතර නිකුත්කර තිබෙන සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

 

No description available.

No description available.

No description available.

No description available.

Previous articleගංවතුරට පස්සේ කූඩිත්තන් ඇවිත් උතුරේ ගොවිබිම් වනසයි!
Next articleවිදුලි සේවකයන්ට බෝනස් නෑ : රන්ජන්ට කලිසමත් නෑ : දැන් දෂ්ඨ කරයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here