Home අද ජනපති පලායයි : හිස්බුල්ලා පසුබසියි – සිරියාවම කැරලිකරුවන් අතට !

ජනපති පලායයි : හිස්බුල්ලා පසුබසියි – සිරියාවම කැරලිකරුවන් අතට !

99
0

සිරියාවේ ඩැමස්කස් අගනුවර බලය අත්පත් කරගැනීමට කැරලිකරුවන් සමත්වීමත් සමඟ එරට ජනාධිපති බසාර් අල් අසාද් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් පුවත් මූලාශ්‍රවලට අනුව සිරියානු ජනාධිපතිවරයා ඩැමස්කස් සිට මෙතෙක් හෙලි නොවූ ගමනාන්තයක් වෙත පියාසර කර තිබේ.

කැරලිකරුවන් ඊයේ (07) ඩැමස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත්වූ අතර අනතුරුව අගනුවර බලය අත්පත් කරගැනීමට කටයුතු කර ඇත.

එහිදී ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පළායාමත් සමඟ ” ඩැමස්කස්‘දැන් අසාද්ගෙන් නිදහස්’ යනුවෙන් සිරියානු කැරලිකරුවන් එරට සිරියානු හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇත.

එසේම ඩැමස්කස් අගනුවර සිරියානු කැරලිකරුවන් අත්පත් කරගැනීමත් සමඟ එහි චතුරස්‍රයක් වෙත රැස්වූ දහස් ගණනක් ජනතාව ප‍්‍රිති ඝෝෂා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තවද අසාද් පාලනය විසින් දහස් ගණනක් සිරකරුවන් රඳවා සිටි ඩැමස්කස් නගරයට ආසන්නයේ පිහිටි විශාල බන්ධනාගාරයක සියළු සිරකරුවන්ද නිදහස් කර ඇත.

මේ අතර සිරියාවේ අග්‍රාමාත්‍ය මොහොමඩ් ගාසි අල්-ජලාලි පවසා තිබෙන්නේ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්මට සහාය දීමට තමා සූදානම් බවත් සිරියානු ජනතාව විසින් තෝරා ගන්නා ඕනෑම නායකත්වයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය.

අසාද් ගේ පලායාමත් සමඟ සිරියාවට සහාය දැක්වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleජනාධිපති මැදිහත් වෙලා හාල් මෝල්ලුන්ට තවත් රුපියල් 10ක් වැඩිපුර අරගෙන දීලා !
Next articleපොරොන්දුවූ විදිහට විධායක ජනාධිපති ධූරය , PTA සහ online පනත අහෝසි කරන්න – නීතිඥ සාමුහිකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here