වාහන ආනයනය ක්රමානුකූල ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියේදී සිදුකරන බවත් වෑන්, කැබ්, කාර් වැනි වාහන ආනයනය කිරීම සම්බන්ධව රජය මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ප්‍රථම අදියර යටතේ ලොරි සහ බස් රථ ගෙන්වීම ජනවාරි මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය.
දෙවන අදියර යටතේ වාණිජ වාහන ආනයනයට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඒ මහතා අනාවරණය කළේය.
මෙරට ඇති විදේශ සංචිත ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ක්‍රමානුකූලව වාහන ආනයනය ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද උපදෙස් ලබා දී තිබෙන බව පෙන්වා දෙන මානගේ මහතා ඒ අනුව වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස රජය සමඟ සාකච්ඡා පවත්වෙමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.