Home අද රට හොල්ලපු අත්අඩංගුවට ගැනීම් ගැන අද පොලිස් ඇමැති කට අරියි !

රට හොල්ලපු අත්අඩංගුවට ගැනීම් ගැන අද පොලිස් ඇමැති කට අරියි !

66
0

රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් පසුගිය දිනවල සිදුකළ පොලිස් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

පසුගිය දිනවල මෙකී අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ එල්.ටී.ටී.ඊ මහවිරු දින සැමරුම් සිදුවන බව දක්වමින් පැරණි සැමරුම් ආශ්‍රිත ජායාරූප සහ වීඩියෝ තම සමාජ ජාල ගිනුම් හරහා බෙදාහළ සමාජ මාධ්‍ය, දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකි.

මෙම පිරිස් අත්අඩංගුවට ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ බව පොලිස් නිවේදනයක සඳහන් කර තිබිණ.

මෙසේ අත්අඩංගුවට ගනුලැබූ තිදෙනෙකුගෙන් එක් අයෙකු ඇප මත මුදාහැර ඇති අතර දෙදෙනකු රිමාන්ඩ් කර තිබේ.

ඒ සමඟ සමාජ මාධ්‍ය තුළ එකී ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජනාධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුවක් ලෙස ලබාදුන් අනුර දිසානායක පාලනය යටතේ එකී පනත උපයෝගි කරගෙන මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙනි.

වත්මන් ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් මතවාදී ලෙස සැළකිය යුතු මැදිහත් වීමක් සිදුකළ පාර්ශ්වද මෙකී ක්‍රියාව විවේචනය කර තිබූ අතර එය පහත දැක්වෙයි.

No description available.

No description available.

Previous articleමහවිරු සැමරුම පෝස්ට් ශෙයා කළ තරුණයා 17 දක්වා රිමාන්ඩ්
Next articleඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය හා ඊමේල් හිතාමතා මකලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here