නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ නායක ලෙස මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා පත් කර ඇත.
ජයරත්න මහතා මන්ත්රී කණ්ඩායමේ නායක ලෙස පත්කළ බවට වන ලිපිය 02 දා සවස කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා වෙත යොමු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ දී පැවැති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකරඇත.
හිටපු අග්රාමාත්ය දී මූ ජයරත්න මහතාගේ පුතකු වන අනුරාධ ජයරත්න මහතා මෙවර මහා මැතිවරණයට මහනුවර දිස්ත්රික්කයෙන් ඉදිරිපත් ව මනාප ඡන්ද 20749 ක් ලබාගෙනතිබිණි.
මෙවර මහා මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ මහනුවර දිස්ත්රික්කයෙන් තේරී පත් වූ එකම මන්ත්රීවරයාද අනුරාධ ජයරත්න මහතාය.