ඉසුරු පාය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වමින් කලබල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සිව් දෙනා ලබන දොළොස් වැනිදා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල හ වැඩ බලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.
ගුරු සේවයට බඳවා ගැනීම ඇතුළුව ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භකළ විරෝධතාවය අතරතුර දී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය
ඝෝෂකයන් දිගු වේලාවක් දිගු ඉසුරු පාය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාව පවත්වමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.