ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් පවසයි.
මේ වනවිටත් ගෑස් මෙට්රික් ටොන් 22,000 අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකරන බව පීරිස් මහතා පවසන අතර තවත් ගෑස් නැවක් ලබන සතිය වනවිට කොළඹ වරායට පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
දිනකට ලක්ෂයක පමණ ලාෆ් ගෑස් සිලින්ඩර් ප්රමාණයක් දිවයින පුරා බෙදාහරින බව ද ඉදිරි දින කිහිපය තුළ හිඟයකින් තොරව ලාෆ් ගෑස් ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයිට හිමිවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.