පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා මෙතෙක් ලබා දුන් වරප්රසාද සියල්ල අදටත් ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් අද වෙන තෙක් එම වරප්රසාද කිසිදු කප්පාදුවකට ලක් කර නැති බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මාදිවෙල මන්ත්රී නිවාස සංකීර්ණයේ නිවාස මන්ත්රීවරුන්ට ලබා දීමේදී ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ප්රමුඛතාවයට අනුකූලව ලබා දෙන බව ඇය සඳහන් කළාය.
මන්ත්රී නිවාස සංකීරණයේ නිල නිවාස එකසිය අටක් තිබෙන බව අනාවරණය කළ උෂානි රෝහණදීර මහත්මිය ඒවායෙන් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සඳහාත් විපක්ෂයේ මන්ත්රීවරුන් සඳහා28 ක් ලබාදීමට සැලසුම්කර තිබෙන බව පැවසුවාය.