Home අද රෝහල් රැසක ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ – රෝගීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක්

රෝහල් රැසක ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ – රෝගීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක්

20
0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

රෝගීහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙම ගැටළුව පිළිබඳව අද (28) පැමිණිලි කළහ.

මේ අතර  කොළඹ ජාතික රෝහලේ  දියවැඩියා සායනයට ඊයේ (27) පැමිණි රෝගීන්  පිරිසක්  ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් නැවත හැරී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව  ඉන්දියාවේ “වොකාඩ්” සමාගමෙන් ඉන්සියුලීන් එන්නත් හත්ලක්ෂ විසිදහසක් තීරණය කිරීමෙන් පසු එම සමාගම  ණයවර ලිපි පවා නිකුත් කර ඇතත් ඖෂධ නියාමන අධිකාරිය  නැවත ලියාපදිංචි සහතිකය ලබා නොදීම  හේතුවෙන්  ඉන්සියුලීන් ඖෂධය නැව්ගත කිරීම තවදුරටත් ප්‍රමාදව තිබෙන බව  වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21වැනිදා පැවති සමාලෝචන රැස්වීමේදී වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඉන්සියුලීන් ඖෂධය ආනයනය කිරීම සඳහා නැවත ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවයි

කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරිය  එම සහතිකය තවමත්   නිකුත් කර⁣ නොමැති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.

පෞද්ගලික ෆාමසිවල ‘ඉන්සියුලින්’ එන්නතක් රුපියල් 680 සිට 2500 දක්වා මිල ගණන්වලට  අලෙවි වෙන බව රෝගීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  දියවැඩියා සායනයේ ඉන්සියුලින් අඩුපාඩුව වරින් වර ඇති වන තත්වයක් මිස දීර්ඝ කාලීන ගැටලුවක් නොවන බවයි.

ඖෂධ සංස්ථාවේ නිලධාරී මාරුවීම් සමග මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

උපුටාගැනීම – ලංකාදීප (සුජිත් හේවාජුලිගේ)

Previous articleඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරද‍ඩුවම්
Next articleජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here