Home අද අවශ්‍ය හා සුදුසු වරප්‍රසාද ගන්නවා – පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දැන්...

අවශ්‍ය හා සුදුසු වරප්‍රසාද ගන්නවා – පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දැන් දේශපාලනය කරන්න පුළුවන්

187
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.

නමුත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බවද ඇය කියා සිටියා.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 21 දෙනෙකු නියෝජනය කරන බවත් ඉන් 19 දෙනෙකු ජාතික ජනබලවේගය නියෝජනය වීම සම්බන්ධයෙන් සුභවාදීව දකින බවද ඇය තවදුරටත් එහිදී පැවසුවාය.

පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දේශපාලනයේ නියැලීමට ගෞරවනීය ලෙස අවස්ථාව සැලසී ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියා.

Previous article10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
Next articleමන්ත්‍රී නිල නිවාස වලින් නොයන අයට වෙන දේ මහ ලේකම් ලිඛිතව දැනුම්දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here