පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.
නමුත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බවද ඇය කියා සිටියා.
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.
මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 21 දෙනෙකු නියෝජනය කරන බවත් ඉන් 19 දෙනෙකු ජාතික ජනබලවේගය නියෝජනය වීම සම්බන්ධයෙන් සුභවාදීව දකින බවද ඇය තවදුරටත් එහිදී පැවසුවාය.
පුරුෂ මූලික වටපිටාවකින් තොරව කාන්තාවන්ට දේශපාලනයේ නියැලීමට ගෞරවනීය ලෙස අවස්ථාව සැලසී ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියා.