Home අද ඡන්දෙන් පස්සේ “චණ්ඩි පාට්” බෑ – ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට වෙඩි තැබීමටත් අවසර

ඡන්දෙන් පස්සේ “චණ්ඩි පාට්” බෑ – ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට වෙඩි තැබීමටත් අවසර

242
0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රටපුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසනවා.

මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස් ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද ඔහුසඳහන් කරනවා.

මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය ත්‍රිවිධ හමුදා වට පිරිස් වලට දැනටමත් උපදෙස් ලබා දී ඇත.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී තිබේ.

මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රැස්වීම් පෙළපාළි තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාලි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණයේ දැනට පවතින සාමකාමී තත්ත්වය ඉදිරියටද පවත්වාගෙන යෑම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දැනටමත් නිකුත් කර ඇති බවයි.

ජය පරාජය සතුටින් භුක්ති විඳීමට දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශ්ව අදිටන් කර ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට තම ආධාරකරුවන්ට සහ හිතවතුන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලට දැනුම්දී ඇත.

Previous articleඇඳිරි නීතිය පනවන්න සූදානම්?
Next articleමධ්‍යම රාත්‍රී 12ට පෙර ඡන්ද ප්‍රතිඵල ලබාදීමට හැකිවෙයි – මැතිවරණ කොමසාරිස් ජනරාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here