Home අද ජනපති උතුරේ මෙහෙයුමක – දමිළ පක්ෂ සහ කණ්ඩායම් රැසක සහාය ජනපතිට

ජනපති උතුරේ මෙහෙයුමක – දමිළ පක්ෂ සහ කණ්ඩායම් රැසක සහාය ජනපතිට

1151
0

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ඇතුළු උතුරු පළාතේ කරනු ලබන සංචාරය අතරතුර අද (07) පස්වරුවේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හමුව තිබෙනවා.

Image

යාපනයේ කන්කසන්තුරේ පිහිටි ඔහුගේ නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව තිබෙන අතර එහිදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Image

මීට අමතරව ජාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය තුළ උතුරේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රාශියක් හමුව ඇති අතර මෙවර ජනාධිපතිවරණයේදී බහුතර පිරිසකගේ සහය පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනට මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට එම පක්ෂ සහ කණ්ඩායම් සහතික කර තිබෙන බව වාර්තා වේ.

Previous articleවැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
Next articleසජිතුයි අනුරයි මට ස්තූතිකරලා කතාව පටන්ගත යුතුයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here