Site icon Newshub

ජනපති උතුරේ මෙහෙයුමක – දමිළ පක්ෂ සහ කණ්ඩායම් රැසක සහාය ජනපතිට

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ඇතුළු උතුරු පළාතේ කරනු ලබන සංචාරය අතරතුර අද (07) පස්වරුවේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හමුව තිබෙනවා.

යාපනයේ කන්කසන්තුරේ පිහිටි ඔහුගේ නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව තිබෙන අතර එහිදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට අමතරව ජාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය තුළ උතුරේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රාශියක් හමුව ඇති අතර මෙවර ජනාධිපතිවරණයේදී බහුතර පිරිසකගේ සහය පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනට මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට එම පක්ෂ සහ කණ්ඩායම් සහතික කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version