Home අද ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් දෙකඩ වෙයි

ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් දෙකඩ වෙයි

507
0

ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ සුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව පැවසීමත් සමඟ එම පක්ෂය දෙකඩ වී ති‌‌බේ.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය තීරණය නොකළ බවත් සුළු පිරිසක් කළ එම ප්‍රකාශය පක්ෂයේ නිල මතය නොවන බවත් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජේෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජ මහතා පැවසීය.

වවුනියාවේදී පෞද්ගලික හෝටලයකදී මෙලෙස සුළු පිරිසක් සිදුකළ ක්‍රියාව හේතුවෙන් පක්ෂය දෙකඩ වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම මෙලෙස පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවට තමාට දැනුවත් කිරීමක් කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක ඒස් ශ්‍රීධරන් ඇතුළු පක්ෂයේ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට තීරණය කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ග තහවුරු කරයි.

 

Previous articleවෛද්‍යවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මාලිමා රජයෙන් පර්මිට් දෙන්නේ නෑ – පී. හැරිසන්
Next articleමම මහත් වෙලා තියෙන්නේ ජනතාව දෙන කෑම කාලා – ආචාර්ය හරිනි අමරසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here