Site icon Newshub

ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් දෙකඩ වෙයි

ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ සුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව පැවසීමත් සමඟ එම පක්ෂය දෙකඩ වී ති‌‌බේ.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය තීරණය නොකළ බවත් සුළු පිරිසක් කළ එම ප්‍රකාශය පක්ෂයේ නිල මතය නොවන බවත් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජේෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජ මහතා පැවසීය.

වවුනියාවේදී පෞද්ගලික හෝටලයකදී මෙලෙස සුළු පිරිසක් සිදුකළ ක්‍රියාව හේතුවෙන් පක්ෂය දෙකඩ වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම මෙලෙස පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවට තමාට දැනුවත් කිරීමක් කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක ඒස් ශ්‍රීධරන් ඇතුළු පක්ෂයේ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට තීරණය කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ග තහවුරු කරයි.

 

Exit mobile version