Home අද රාජපක්ෂ පවුලේ කාබනික පොහොර මගඩිය ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්.!

රාජපක්ෂ පවුලේ කාබනික පොහොර මගඩිය ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්.!

8075
0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ දී රසානියක පොහොර තහනම් කිරීමට තීරණයක් ගත් අතර පොහොර අවුල ඇති කළේ කවුද යන්න පිළිබඳව  මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළිදරව්වක් කළේය.

ඒ පොහොර අවුල ඇතිකළේ එස් එම් චන්ද්‍රසේන සහ මහින්දානන් අලුත්ගම් මන්ත්‍රීවරුන් බවට ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්මාගේ වේදිකාවේදී ඔවුන්ට කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

වැව්වල රොන්මඩ ගෙන ටයර් පුච්චා එම අළු මිශ්‍රකර කාබනික පොහොර ලෙස ව්‍යාජයක් කිරීමට කෝටි ගණනක මුදල් වැයකළ බව ඩී වීරසිංහ මන්ත්‍රීවරයා එස් එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයාට චෝදනා කළේය.

එයට පිළිතුරු දෙමින් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පැවසුයේ කාබනික පොහොර වැඩසටහන ආරම්භකළේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  බවයි. එම තීරණය නොගන්නා ලෙස කිහිපවරක්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද එයට ඇහුම්කන් නොදුන් බවත් පොහොර ලබානොදුන් පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය නොදෙන බවත් අනුරාධපුර ජනතාව පැවසුවා. ජනතාවගේ තීරණය මත තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්මාට සහය දෙන්න තීරණය කළේය.

කාබනික පොහොර ලංකාවට ගෙන එන විට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ බවත් මිනිසුන් පඹයින් පිච්චුවේ මහින්දානන්දගේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා චෝදනා කළේය.

එයට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුයේ “ පොහොර අර්බුදය මගේ ව්‍යාපෘතියක් නෙවෙයි. පොහොර අර්බුදය පිටිපස්සේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මම එදා කැබිනට් යෝජනාව දැම්මේ රසායනික පොහොර ගෙන්වන්න. මගේ කැබිනට් යෝජනාව ඉවත් කරලා ගෝඨාභය මහත්මයා තමයි කාබනික පොහොර ගේන්න කැබිනට් යෝජනාව දැම්මේ. ඒ අවස්ථාවේදී ගෝඨාභය මහත්මයා මාව කැදවලා කිව්වේ ඔයා මේකට මැදිහත් වෙන්න එපා ඔයාට මේ විෂය අදාළ නැහැ කියලා. මේක අදාළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයාට කියලයි ඔහු කිව්වේ. නමුත් ගෝඨාභය මහත්මයා ගත්තු තීන්දුව වෙනුවෙන් මම රටේ කතා කළා. එපමණයි සිදුවුනේ යනුවෙනි.

Previous articleඅනුරගේ මාසික ආදායම රනිල්ගේ මාසික ආදායමට වඩා වැඩියි – අපේක්ෂකයින්ගේ මාසික ආදායම් වාර්තා මෙන්න
Next articleජල ගාස්තු අඩු කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here