Home අද අපි වැටුප් ගන්නේ නෑ කියලා පොරොන්දු වෙලා නෑ – මාලිමා මන්ත්‍රිනී නීතිඥ...

අපි වැටුප් ගන්නේ නෑ කියලා පොරොන්දු වෙලා නෑ – මාලිමා මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි

334
0

ජාතික ජන බලවේගය වැටුපක් ලබා නොගන්න බවට ලබාදී නොමැති බව ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට සඳහන් කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු එමගින් ඉදිරිපත් කර ඇති බවද ඇය කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කැපීමට යෝජනා ගෙන ඒමට නොහැකි බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ වැටුප පොදු අරමුදලට බැර වන අතර එමඟින් තමනට ප‍්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇති බවද ඇය පැවසුවේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන අලුත්ම කතාව
Next articleකාලගුණයෙන් විනාශ වූ වගාවට වන්දි ඉල්ලා රටපුරා ගොවීන්ගෙන් මැසිවිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here