Home අද දළඳා පෙරහරට තර්ජන කළ 89 ඉතිහාසය ගැන හිටපු දියවඩන නිලමේ කළ අනාවරණය

දළඳා පෙරහරට තර්ජන කළ 89 ඉතිහාසය ගැන හිටපු දියවඩන නිලමේ කළ අනාවරණය

736
0

 දළඳා පෙරහර නොපවත්වන ලෙසත් පෙරහර බැලීමට මහනුවරට නොපැමිණෙන ලෙසත් 1989 දී කළ තර්ජන පිළිබඳව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා මාධ්‍ය හමුවකදී කරුණු අනාරවරණය කර තිබේ.

එලෙස කළ බලපෑම් හේතුවෙන් ඒ වසරේදී දළඳා පෙරහර මාළිඟාව ඇතුළතට පැවැත්වීමට සිදුවු බවත් ඉතිහාසයේ කිසි දිනෙක මෙවැන්නක් සිදුවී නොමැති බවත් විජේරත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙවැනි කණ්ඩායමකට බලය ලැබුණහොත් දළඳා මාලිගාව , දළඳා පෙරහර වැනි සංස්කෘතික වටිනාකම්ව වලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය,

“දළඳා මාලිඟාවේ පෙරහර කරන්න එපා කියලා අපිට තර්ජනය කළා.  1989 දී මෙහෙම සිදුවිමක් උනේ. රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහරට බෝමබ ගැහුවා. වෙන කිසිම දවසක මෙවැනි දෙයක් සිදුවෙලා තිබුණේ නැහැ. එයාලගේ ඇදිරිනීතිය දැම්මා මුළු මහනුවර නගරයටම. ගම්වල අයට පෙරහරට සහභාගී වෙන්න එපා කියලා බයගැන්නුවා. මේ නිසා දළදා මාළිඟාව ඇතුළත සිදුකරන්න බස්නායක නිලමේවරු හතර දෙනාටමයි මටයි සිදුවුණා. ඉතිහාසයේ කවදාවත් එහෙම කරන්න සිදුවුනේ නැහැ. මගේ දැතේ කරඩුව වඩම්මගෙන කුඹල් පෙරහර පහයි රන්දෝලි පෙරහර හතරකුයි සිදුකළා. පෙරහට අලි ගේන්න දුන්නෙත් නැහැ. මේ නිසා රන් ආයුධ කපුමහත්වරුන්ගේ කරේ වඩම්මන්න සිදුවුනා.  යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ සඳහන් විඩියෝව

Previous articleඅත්හදා බැලීම් කරන කාලෙක නෙවෙයි අපි ඉන්නේ – සජිත් මීට කලින් ජනාධිපතිකම් කරලා නැහැ – දයාසිරි
Next articleහැම ආණ්ඩුවකටම උදව් කරපු අනුර තමයි ලොකුම බොරුව කරන්නේ – දිලිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here