Home අද හැම ආණ්ඩුවකටම උදව් කරපු අනුර තමයි ලොකුම බොරුව කරන්නේ – දිලිත්

හැම ආණ්ඩුවකටම උදව් කරපු අනුර තමයි ලොකුම බොරුව කරන්නේ – දිලිත්

545
0

ජනාධිපති අපේක්ෂකයන් අතරින් වැදගත්ම චරිතය වන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක යනු ව්‍යාජම දේශපාලන ආක්‍යානය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේ 18 වැනිදා පැවති විද්වත් සහ ව්‍යවසායක හමුව අමතමින්ය.

“කනගාටුයි කියන්න. අනුර කුමාර තමයි ලොකුම බොරුව කරන්නේ. මොකද ඔහු ඍජුවම ආණ්ඩු දෙකක ඉඳලා තියෙනවා. වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදවු කරලා තියෙනවා. එහෙම ඉඳලා මේ රටේ වෙනසක් කරන්න පෞද්ගලිකව මන්ත්‍රිවරයෙක් වශයෙන්වත් යෝජනාවක් ගෙනාවේ නැති පුද්ගලයෙක්.”යැයිද හෙතෙම කිවේය.

එම නිසා සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ වෙනසක් ඇති කළ යුතු ආකාරය පිළිබඳ සංකල්ප විද්වත් සංවාදයකින් ඉදිරිපත් කිරීම මිස පරණ පුරුදු විදියටම මිනිසුන් රැවටීම නොවන බවද ඔහු සඳහන් කළේය.

Previous articleදළඳා පෙරහරට තර්ජන කළ 89 ඉතිහාසය ගැන හිටපු දියවඩන නිලමේ කළ අනාවරණය
Next articleපැමිණ ගණන 20කට සීමාවෙයි – SJB සෞඛ්‍ය සමුළුව කැන්සල් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here