Home අද ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී වෙළෙ­ඳ­සල අප්‍රේ­ල් සිට පෝට් සිටියේ

ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී වෙළෙ­ඳ­සල අප්‍රේ­ල් සිට පෝට් සිටියේ

14813
0

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී’ (තීරු­බදු රහිත) වෙළෙඳසල එළ­ඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නග­රයේ දී විවෘත කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙනවා.

මෙම තීරු­බදු රහිත සාප්පුව ශ්‍රී ලාංකි­ක­යන්ට පම­ණක් නොව විදේ­ශි­ක­ය­න්ටද නවමු අත්දැ­කී­මක් එක්ක­රනු ඇතැයි වරාය නග­රය පරි­පා­ල­නය කරන Belt and Road Initiative Sri Lanka (BRISL) ප්‍රකාශ කරයි.

පසු­ගිය 2023 වසරේ ඔක්තෝ­බර් මාසයේ දී, ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය නග­රයේ තීරු­බදු රහිත සිල්ලර ව්‍යාපා­රික මෙහෙ­යුම් හෝ තීරු­බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙ­යුම් සිදු කිරීම සඳහා සපු­රා­ලිය යුතු අව­ශ්‍යතා ගැසට් කෙරිණි.

ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ප්‍රකා­ශ­යට පත් කරන ලද අදාළ ගැසට් පත්‍ර­යට අනුව, තීරු­බදු රහිත සිල්ලර ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන යාම සඳහා ආයෝ­ජ­ක­යකු අවම වශ­යෙන් ඩොලර් මිලි­යන 5ක මුද­ලක් වෙන් කළ යුතු අතර, තීරු­බදු සම්බ­න්ධ­යෙන් අන්ත­ර්ජා­තික මට්ටමේ පළ­පු­රු­ද්දක් ද ලබා තිබිය යුතුය.

නිද­හස් වෙ‍ෙළඳ මෙහෙ­යුම්, තීරු­බදු රහිත සාප්පු සංකීර්ණ ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන යෑමට ආයෝ­ජ­ක­යකු අවම වශ­යෙන් ඩොලර් මිලි­යන 7ක් වෙන් කිරීම අවශ්‍ය වේ. 2023 මැයි මාසයේ දී සිංග­ප්පූ­රු­වට අයත් One World Duty-Free සහ Colombo Port City ශ්‍රී ලංකාවේ පළමු නගර මධ්‍යයේ තීරු­බදු රහිත වෙළෙද සල ක්‍රියා­ත්මක කිරීම සඳහා ගිවි­සුම් දෙක­කට අත්සන් කෙරිණි

Previous article“ගෝඨා ගෝ ගම” ඉඩම කැසිනෝ ශාලාවකට බදු දෙයි
Next articleබලාපොරොත්තු වුනාට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරනවා – විදුලිබල හා බලශක්ති ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here