Home අද යළි පිබිදෙන සංචාරක කර්මාන්තය සොයා ජනපති දකුණට – ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලුවලට එම...

යළි පිබිදෙන සංචාරක කර්මාන්තය සොයා ජනපති දකුණට – ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම්

14752
0

දකුණු වෙරළ තීරයේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

May be an image of 5 people, eyewear and crowd

May be an image of 5 people and text

 

එහිදී සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලු‍වලට එම අවස්ථාවේම විසඳුම් ලබා දීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තයේ නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය ගෙන ඇති පියවර සොයාබැලීම සඳහායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය ශීඝ්‍ර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව සැලසුම් හේතුවෙන් මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් සිදුව තිබේ.

2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,489,000ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි.

මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ 2017 වසරේදී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 25කි. 2024 වසරේ දී එම ඉලක්කය අභිබවා යෑම රජයේ අරමුණ වන අතර ලබන වසර වන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම සාමාන්‍ය සංචාරකයන්ට අමතරව දිනකට ඩොලර් 500ක් වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබේ.

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගත් අතර රජයේ නව වැඩපිළිවෙළ සමඟ තම ව්‍යාපාර කටයුතු පරිවර්තනයකට ලක්ව ඇති බව ව්‍යාපාරිකයෝ පැවසූහ.

May be an image of 4 people

May be an image of 3 people and dais

May be an image of 5 people and text

May be an image of 7 people

සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළේය.

උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට ද එක් වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබා ගැනීමට කටයුතු කළේය.

May be an image of 5 people

May be an image of 7 people and crowd

මේ අතර සති අන්ත නිවාඩු දිනයේ දී තංගල්ල සහ ගාල්ල වෙරළ තීරය වෙත පැමිණ සිටි දේශීය සංචාරකයන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිවරයා තම පැමිණීම සැලවීමෙන් මඟ දෙපස රැස්ව සිටි ජනතාව සමඟ ද කතා බහකට එක් වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සොයා බැලීය.

මෙරට දේශීය සහ විදේශීය සංචාරකයන්ට මෙම කලාපය තුළ නව සංචාරක අත්දැකීම් ලබාදීම සඳහා දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ විදේශිකයෙකුද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියේය.

Previous articleෆොන්සේකාව සභාපතිධූරයෙන් නෙරපීම වළකාලමින් අධිකරණ නියෝගයක්.!
Next articleශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇමරිකාව ලෝකයටම කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here