Home අද ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ජනපති හෙට ස්විස්ටර්ලන්තයට

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ජනපති හෙට ස්විස්ටර්ලන්තයට

2897
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්වයාමට නියමිතව තිබෙනවා.

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව තිබේ.

රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණීමට නියමිතේව ඇත්තේ ලබන 24 වැනිදායි

Previous articleබෝධි සත්වයාට උඩින් යන්න තහනම්
Next articleශ්‍රී ලංකා ටෙලිකොම්හි ආයෝජනයට ජාත්‍යන්තර සමාගම් 03ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here