Home අද සජිත් ඉන්දීය මහකොමසාරිස් හරහා ජේ ෂාට කතා කරන්න හැදුවේ ඇයි.?

සජිත් ඉන්දීය මහකොමසාරිස් හරහා ජේ ෂාට කතා කරන්න හැදුවේ ඇයි.?

65990
0

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේ මහතා තමන්ව විපක්ෂනායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ මෙරට ක්‍රිකට් තහනම ඉවත්කරගැනීමට ඔහුගේ මැදිහත්කම ලබාගැනීමට උත්සහ කළ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්

ඉන්දීය මහකොමසාරිස්වරයා මෙරට සිටින ඉන්දියාවේ ඉහලම රාජතාන්ත්‍රික නිලධාරියා වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබාදිය හැකි මැදහත්කම විය හැක්කේ ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලයේ සහය ඉල්ලා සිටීම බව මෙමඟින් පැහැදිලි වේ. නොඑසේනම් ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානි ජේ ෂා මහතාව සම්බන්ධ කරගෙන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේදී ඔහුගේ සහය මෙරට ක්‍රිකට් තහනම ඉවත්කිරීම සඳහා ලබාදෙන ලෙස ඉල්ලා සිටීමයි.

දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත බවට පවසමින් එය පාලනය කරනු ලබන්නේ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානි ජේ ෂා නමැති සූදූ අන්තුවකු විසින් බවට රටටම කෑ ගසමින් පවසන විපක්ෂනායක වරයා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හරහා එම දූෂිත යැයි ඔහු විසින්ම සඳහන් කරන ජේ ෂා සම්බන්ධ කරගැනීමට උත්සහ කලේ මන්ද යන්න තවමත් ගැටළුවක්.

ඒ අතරම ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කර තිබියදී විපක්ෂනායක වරයා සමඟ මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වුයේ මන්ද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර විමසා තිබුනත් ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි වී තිබුනා.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පැනවූ වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තහනම ඉවත්කරගැනීම සඳහා අපට සමීපතම රට වන ඉන්දියාවේ සහය ලබාගැනීමේ අරමුණ ඇතිව එරට ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා සමඟ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී තිබුන අතර එහිදී ඔහු සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකා රජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා මුදල් ලබා නොදෙන අතර එම ආයතනයට ලැබෙන සෑම මුදලක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා ලැබෙන බැවින් එම ආයතනයට සිදුවන දේශපාලන බලපෑම් නැවත්වීමට කටයුතු කළහොත් ක්‍රිකට් තහනම ඉවත් කිරීමට කිසිවකුගේ සහයක් අවශ්‍ය නොවන බවයි.

තත්වය එසේ තිබියදී පාර්ලිමේන්තුවේ ඉතාම නිර්ධය ලෙස ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාව විවේචනය කරනු ලැබූ සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඉන්දීය කොමසාරිස්වරයා හරහා ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරයකුව සිටි රොෂාන් රණසිංහ මහතාවද සම්බන්ධ කරගැනීමට කටයුතු කර ඇත.

ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාව දැඩිව විවේචනය කරන බව රටටම පෙන්වමින් මෙරට ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ඉන්දීය මහකොමසාරිස් වරයා හරහා විවේචනය කළ පුද්ගලයාගේම සහය පැතීම පුදුම දනවන කාරණාවකි.

විපක්ෂනායකවරයා ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ගෝපාල් බාග්ලේ මහතා හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ කළේ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ අන්තර් ජාතික ක්‍රිකට් සැසිවාර සඳහා සහභාගී වන එහි සභාපති ජේ ෂා මහතාව නොවේනම් විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවේ කලයුතු අතරම එසේ නොමැතිනම් හුදෙක් එය දේශපාලන පටු අරමුණු හේතුවෙන් මෙරට ජනතාව මහත් සේ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ වාසියට ගත් අවස්ථාවක් පමණක්ද බව පැවසිය යුතුය.

දේශපාලන අතපෙවීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව පසුගිය දා තීරණය කරනු ලැබූ අතර නොවැම්බර් මස 21 වැනිදා අහ්මදාබාද් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරයේ දී සිදු කළ සාකච්ඡා වලින් පසුව එම තීරණය තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

Previous articleපොහොට්ටුවේ ජනවරමට ගරු කළ යුතුයි  – සජිත්
Next articleජනපති COP සමුළුවේදී කරන්න යන දේ ගැන පරිසර ඇමති කියු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here