Home දේශපාලන කොන්දක් නොමැති විපක්ෂය ගැන පාඨලී කතාකරයි

කොන්දක් නොමැති විපක්ෂය ගැන පාඨලී කතාකරයි

2351
0

රට බංකොලොත් වීමට ආණ්ඩුපක්ෂය මෙන්ම කොන්දක් නොමැති විපක්ෂයේ හැසිරීමද බලපෑ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මාතර පැවති එම පක්ෂයේ ජන හමුවකදී රණවක මහතා මේබව ප්‍රකාශ කර තිබෙනවා. රට බංකොලොත් කළ පුද්ගලයින්ගේ ප්‍රකාශවලට තවදුරටත් රැවටිය යුතු නැති බවද මොවුන්ගේ සන්ධානවලින් සිදුවන්නේ නැවත රට බංකොලොත් වීමක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

“අද විපක්ෂයේ සන්ධානයක් ඇතිවෙලා තිබෙනවා. අපිත් සමගි ජනබල වේගයෙන් තරඟ කළා. පසුගිය 2020 අගෝස්තුවෙ මහ මැතිවරණය තිබ්බා. මහ මැතිවරණයෙන් ටික දවසක් යද්දි අපිට තේරුණා රටේ පාලනයක් නැහැ කියලා. මුල්‍ය පාලනයක් නැහැ. රාජ්‍ය පාලනයක් නැහැ. තෙල් සංස්ථාවේ පාලනයක් නැහැ. විදුලිබල මණ්ඩලයේ පාලනයක් නැහැ. මේ නිසා රට ඉතා ඉක්මණින් අර්බුධයකට යනවා කියලා අපි තේරුම් ගත්තා. මේක තේරුම්ගත්තු ආණ්ඩුවේ පිරිසකුත් හිටියා. රට උමතු රෝගියෙකුට අහුවෙලා රට යන පැත්ත හොද නැහැ කියලා මේරට ගලවගන්න පාර්ලිමේන්තුවේ වෙනසක් කරමු කියලා ඔවුන් කිව්වා. හැබැයි ඒ වගකීම විපක්ෂය පැහැර හැරියා. රට බංකොලොත් වෙන්න හැරියා. එදා රට ගලවගත්තනම් රට බංකොලොත්වෙන්නේ නැහැ. නමුත් රට බංකොලොත් වෙලා අරගලයක් ඇතිවුනා. ඒකටත් විපක්ෂය වගකියන්න ඔනේ.  නිර්භිතනායකත්වයක් අපිට තිබුණනම් එහෙම කරන්න තිබුණා. නමුත් එහෙම නායකත්වයක් අපිට තිබුණේ නැහැ. දෙකට නැමෙන සුළු රාජපක්ෂලාට නම කියලා කතාකරන්න බය දීන ක්‍රියාවලියක් හරහා තමයි ඔවුන් ගමන්කළේ. මොකද රාජපක්ෂලාගේ මර්දනයට බයේ තමයි විපක්ෂයේ බහුතරයක් කටයුතු කළේ. ආණ්ඩුවෙන් ගැලවිලා ඇවිත් සන්ධාන හදන්න ඇවිත් ඉන්න අය රට බංකොලොත් වෙනකම් ආණ්ඩුවෙ හිටපු අය . මෙවැනි වංචනික පිරිස් එක්ක ආණ්ඩු හැදුවෙන් නැවත රට බංකොලොත් වීම තමයි වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙලා දැන් අවුරුදු  60 ට කිට්ටුයි. ඔවුන් කැරලි දෙකක් කරලා තියෙනවා. මේ කැරලි සහ යුද්ධය නිසා රටේ නැතිවුන ජාතික ධනය ණය ප්‍රමාණය වගේ හතර ගුණයක්. මේ නිසා පැරණි සටන්පාඨ වලට අපි රැවටිය යුතු නැහැ.” යැයි ප්‍රකාශ කළේය.

Previous articleපාස්කු ප්‍රහාරයේ අංක 2 : කුරුන්දිමලේ – ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි
Next articleBest Life/ MTFE ඇතුළු පිරමීඩ හොර සමාගම් 09ක් තහනම් – ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here