ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වුවද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
මීට සුළු මොහොතකට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ලෝක වෙළඳපොළ තුළ ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල ඩොලර් 85කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.
ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගම සිය මිල සංශෝධනය අද දිනයේදී සිදුකිරිමට නියමිත අතර එහිදී බොහෝ දුරට ගෑස් මිල ඉහළ යාමට වැඩි ඉඩක් පවතින බව ඊයේ මාධ්‍ය වාර්තා පළ කර තිබුනා