Home අද විදෙස් ණය 50% ක් කපා හරින්න – සජිත්

විදෙස් ණය 50% ක් කපා හරින්න – සජිත්

887
0

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය යටතේ  විදේශ ණය හිමියන් 50% න් ණය කපාහැරිය යුතු බවත් එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ යුකේනය ඇතිකරගත් ආකාරයේ ගිවිසුමකට ශ්‍රී ලංකාව යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය යටතේ 30% ත  ණය කපාහැරීමට යෝජනා කර ඇති අතර එය ප්‍රමාණවක් නොවන බව ද  මේ හරහා විදෙස් ණය හිමියන්ට උපරිම වාසියක් දී ඇති බවත් එය අසාධාරණ බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

එමෙන්ම දේශිය ණය ප්‍රතිව්‍යුහගකකරණයේදී වැඩකරන ජනතාව පිට බර පටවා ඇති බවත් රටේ සුපිරි පොහොසතුන් ආරක්ෂා කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය. එමෙන්ම සිගරට් බදු සහ කැසිනෝ බදු තවරටත් වැඩි කළ යුතු බවද රජය එය සිදුකිරීම සිතාමතා මගහරින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය.

කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුගතකිරීමේදී විදේශ ණය පුතිව්‍යුගතකිරීමක් පමණක් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමක් නොකළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

 

Previous articleණය ප්‍රශස්තකරණයේදී වැඩිම බරක් මහ බැංකුවට – ජනතාවට බලපෑමක් නැහැ
Next articleණය ප්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාවට අපි විරුද්ධයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here