Home අද කැබිනට් මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලපු කොමිසම

කැබිනට් මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලපු කොමිසම

580
0

කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරෙන බව ද පැවසු අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යළි දිනක උදානොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද කියා සිටියා.

“අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන, මිනිස්සුන්ට නිදහසේ ගමන්බිමන් යාමට සහ තමන්ගේ නිවස තුළ ජීවත්වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කරන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීමට පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා.”

Previous articleමහින්දටයි, බැසිල්ටයි එරෙහි නඩුවට දින නියම වෙයි
Next articlePUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here