Home අද “මහින්ද මහත්තයා අපිට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතනවා”

“මහින්ද මහත්තයා අපිට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතනවා”

711
0

ඛනිජ තෙල් වෘත්තීය සමිති මහින්ද රාජපක්ෂ හමුවට

  • මහින්ද මහත්තයා සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතනවා – වෘත්තිය සමිති නායකයෝ

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාව තුළ රාජකාරි පවත්වාගෙන යාමට සේවකයින්ට බාධාකිරමින් වැඩවර්ජනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ  ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාධාරණයක් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනා මෙම සාකච්ජාවට සම්බන්ධ විය.

“වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් දැම්මා. ඒකට සහභාගී වෙන්න ආවේ. මේ ප්‍රශ්නයට එතුමා මැදිහත්වෙයි කියලා හිතනවා. මොකද මේ අවස්ථාවේදී වැඩි වශයෙන් ඉන්නේ එතුමාගෙ පක්ෂයේ සමාජිකයෝ. ඒනිසා සාධාරණයක් ඉටුකරයි කියලා මම හිතනවා යැයි ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හමුවී  ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති මේ සම්බනධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ අද(03දා) ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව වසීය.  ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරිමේ චෝදනා මත මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය පසුගියදා පියවර ගත්තේ ය.

වීඩියෝව මෙතැනින්

Previous articleශ්‍රීලංකාවේ උද්ධමනය පහළට
Next articleගෝඨාභයගේ රසායනික පොහොර තහනමේ ප්‍රථිඵල මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here