Home අද බස් ගාස්තු සහනයක් ලැබෙන ලකුණු

බස් ගාස්තු සහනයක් ලැබෙන ලකුණු

623
0

ජුලී මාසයේදී බස් ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහන දීමට හැකි බවත් ඊට පෙර සහනයක් ලැබෙතැයි අපේක්ෂා කරන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

වසරේ ගතවූ කාලය තුළ පැවැති උද්ඝෝෂණ හා විරෝධතා නිසා පෞද්ගලික බස් රථවලට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 500කට ආසන්න බව ඔහු කියා සිටියා.

බස්නාහිර පළාත තුළ පමණක් මෙම අලාභය සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් අද (07) දිනයේදී පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂමට සිිහි කැඳවිමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

ඉන්ධන මිල රු. 10කින් පමණ අඩුවුවහොත් බස් ගාස්තු අඩු වීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Previous articleලොව සංචාරය කිරීමට හොඳම රට බවට ලංකාව පත්වේ
Next articleරජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් පියවර ඉතාම කාලෝචිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here