Home අද මේ වනවිට රටේ මුලිකම අවශ්‍යතාවය මැතිවරණයක් ද?

මේ වනවිට රටේ මුලිකම අවශ්‍යතාවය මැතිවරණයක් ද?

586
0

මැතිවරණයක් පැවැත්විය යුතු බව විපක්ෂය නියෝජනය කරන බොහෝ පිරිස් ප්‍රකාශ කළද රටතුළ තිබෙන ආර්ථික තත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට දුෂ්කර කාර්යක් වී තිබේ. ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසන්නේ මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික කිරීමට උත්සහ කරන කණ්ඩායම් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටි මුල්‍ය අරමුදලේ ණය ලබාගැනීම් ජනවාරි මාසය දක්වා කල්යාමේ තත්වයක් ඇතිව තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා පවසන්නේ මෙවැන්නක්ය,

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටේ වෙනසක් ඇති වන්නේ නැහැ. එය ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වගේ නොවෙයි. එය මේ මොහොතේ පැවැත්වීම සුදුසු නැහැ. අනෙක දැන් තිබෙන මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් එය කිසිදු ප්‍රයෝජනයක් නැහැ. පළාත් පාලන ක්‍රමය තුළ කෙරෙන දේවල් අපට දකින්නට ලැබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පත් වන ඒ මන්ත්‍රීවරුන් තමන්ට අවැසි දේ කර ගන්නවා විනා ඒ ප්‍රදේශයේ දියුණුවට කිසිදු ආකාරයේ දෙයක් කරන්නේ නැහැ. කරන්නත් බැහැ. තමන්ගේ පක්ෂයට විරුද්ධ පක්ෂයේ අය බලයේ සිටිනවා නම් ඒ මන්ත්‍රීන්ට තමන්ට අවැසි දේ මේක්‍රියාවලිය තුළ කොහොමත් කරන්න බැහැ. එය තමයි මෙහි ඇත්ත තත්ත්වය.

අනෙක රටේ තිබෙන තත්ත්වය අනුව මහ මැතිවරණයකට යෑම ඉතා ආසන්න කාලයකදී කළ නොහැකියි. වසර දෙකකින් ඒ කියන්නේ ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීය යුතු වුවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා එතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව. එම නිසා එවැනි තත්ත්වයක් තුළදී පළාත් සභා මැතිවරණයකට විශාල මුදලක් වැය කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රියාවලියක්.

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ පාලන තන්ත්‍රය වෙනස් වෙනවා නම් රටට යහපතක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. නමුත් මෙතැනදී සිදු වන්නේ හුදෙක් තව කණ්ඩායමක් පළාත් පාලන ආයතනවලට පත් වී ඔවුනට හිතුමතේ වියදම් කිරීමට ඉඩකඩ සලසා ගන්නවා පමණයි. මෙයින් රටට යහපතක් සිදු වනවාට වඩා සිදු වන්නේ අයහපතක්.

අදාළ කාලසීමාවේ රටේ මැතිවරණ පැවැත්විය යුතුයි නේද?

මැතිවරණ පැවැත්විය යුතුයි. එහෙත් ඒ සඳහා සුදුසු පරිසරයක් රටේ තිබිය යුතුයි. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගන්නවත් විදියක් නැහැ. ආණ්ඩුව ගෑස් සහ පෙට්‍රල්, ඩීසල් ගැටලු විසඳමින් යන මොහොතක රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙන වෙලාවක වගේම අපි යැපුම් ආර්ථිකයෙන් මිදිලා නිෂ්පාදිත ආර්ථිකයක් සම්බන්ධව කටයුතු කරන වෙලාවක මැතිවරණයකට ගිය හොත් එය හුදෙක්ම පොරොන්දු මැතිවරණයක් පමණක්ම වෙනවා. මැතිවරණ කියන්නේ කලබලේ තියන්න පුළුවන් දෙයක් නොවෙයි. මැතිවරණ පිළිබඳ කතා කරන අයට කියන්න තියෙන හොඳම දේ තමයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් මඟින් යෝජනා කර තිබෙන මැතිවරණ ක්‍රමය ගැන සලකා බලා ඒ පිළිබඳව විවාද කොට එහි අඩුපාඩු හදා ගෙන එම පනත සම්මත කර ගෙන මැතිවරණයකට යාම.

කුමන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත් වුවත් එයට වියදම් කළ යුතුයි. එම වියදම් අවම කිරීමට කිසිදු හැකියාවක් නැහැ. එහි අවසන් ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණය වගේ වෙනසක් රටේ ඇති වෙනවා නම් එසේ මුදල් වියදම් කර පැවැත්වීම සම්බන්ධව සලකා බලන්න තිබුණා. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ලන්නේ රට අරාජික කරන්න උත්සාහ කරන අය.

මහ මැතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි නේද?

එහෙම නීතියක් තිබෙනවා තමයි. නමුත් හැම නීතියක් සඳහාම ව්‍යතිරේකයක් තිබෙනවා. එහිදී රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ එය කල් දමා ගත හැකියි. දැන් තිබෙන්නේ අපේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක් නොවේ. රටේ ජනතාවට කන්න බොන්න දිය යුතුයි. ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ගැටලු පළමුව විසඳිය යුතුයි.

මේ පිළිබඳව අදහස් දැක්වු සේමසිංහ අමාත්‍යවරයා,

ණය සාකච්ඡා මට්ටමේ පවතිනවා. අවසාන එකඟතාවය ලබාගත් පසුව පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම අපේ ණය හිමියන්ගෙන් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහල ලැබෙනවා කියන විශ්වාසය ණය අරමුදලට අවශ්‍යයි. එය ලබන වසරේ මුල් කාර්තුව තුළ සිදුවේවි. යැයි පැවසීය.

 

මැතිවරණ කොමිසමේ අදහස

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාව පවසන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති බවයි. එමෙන්ම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ඊයේ මෙසේ  අදහස් දක්වා තිබුණා.

Previous articleගොවි පවුල් වලට සහනයක්
Next articleජාත්‍යන්තර වෙළෙඳාමේ උපරිම දායකත්වය ලංකාවට ගන්න ජනපති ගත් තීරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here