Home අද ජනතාවට, ජනපති රනිල් හොඳ වෙයි – සමීක්ෂණ වාර්තා කියයි

ජනතාවට, ජනපති රනිල් හොඳ වෙයි – සමීක්ෂණ වාර්තා කියයි

565
0

ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ගැඹුරු ලෙසම අහිතකර මට්ටමක පවතින බව IHP ආයතනය කළ නවතම සමීක්ෂණයකදී අණාවරණය වී තිබෙනවා.

මෙහි කැපී පෙනන කරුණ වන්නේ ජනපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගෙ පවතින අහිතකර අදහස් අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සන්සන්ධනය කිරීමේදී අඩු මට්ටමක පැවතීමයි.

නොවැම්බර් මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්වල පවතින අහිතකර තත්ත්වය සෘණාත්මක 46% ක (-46) ක් ලෙස දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිධුරය බාර ගන්නා අවස්ථාවේදී පැවති තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මෙන්ම අරගලයට හේතු සාධක වී තිබූ ජනතා ඉල්ලීම් බොහොමයක් ඒ මහතාගේ නායකත්වය යටතේ ක්‍රමක්‍රමයෙන් ඉටු වෙමින් පැවතීම මෙම තත්වයට හේතු වන්නට ඇති බව විචාරක මතයයි.

එමෙන්ම මේ වනවිට විදේස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම, විදේශ ප්‍රේෂණ නිත්‍යානුකුල මාර්ගයෙන් රට තුලට පැමිණීමට වැඩපිළිවෙල සැකසීම, ඉතා ඉහළ අගයක තිබුන උද්දමනය ජනතාවට දැරිය හැකි මට්ටමට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කිරීම ජනතාව අතර යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්වී තිබීම මෙයට තවත් එක හේතුවක් වී ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.

මෙය අනුර කුමාර දිසානායක මහතා සෘණාත්මක 55%ක්, සජිත් ප්‍රේමදාස මහතා සෘණාත්මක 55%ක් හා ගෝඨාභය රාජපක්ෂ සෘණාත්මක 51%ක් යන අගයන් හා සැසදීමේදී යහපත් තත්ත්වයක් බව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ජනතා අප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් අඩු වී යමින් ඔහුගේ රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙලට ජනතා සහය ලැබෙන ලකුණු පෙන්නුම් කරන්නක් වන බව පෙනී යන කරුණකි.

Previous articleපොලිය ටික ටික අඩුවෙයි
Next articleබදු මුදල් කාබාසිනියා කරන බෞද්ධ හා පාලි සරසවියේ ඇත්ත “දෙරණ” හෙලිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here