Home අද පොලිය ටික ටික අඩුවෙයි

පොලිය ටික ටික අඩුවෙයි

5775
0

ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව දින 91 ක  බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත.

මීට අමතරව දින 182ක බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 ක බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 220,708 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයටම සමපාත වන අයුරින් රු. මිලියන 98,000 ක ලංසු පිළිගැනීමට කටයුතු කර තිබුණි.

මීට මාසයකට පෙර එනම් 2022 නොවැම්බර් 09 වැනිදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 ක බිල්පත් පොලිය 33.14% ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉන් පසු එම කාණ්ඩය සඳහා වාර්තා වූ අඩුම පොලී අනුපාතිකය මෙම වෙන්දේසියේ දී තීරණය වී තිබේ.

Previous article“අපි කරපු වැරදි ඇති. ඒවා හදාගන්න ඕනේ” – නාමල්
Next articleජනතාවට, ජනපති රනිල් හොඳ වෙයි – සමීක්ෂණ වාර්තා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here