Home අද   රටේ ඉදිරි ගමන පිළිබඳ කරුණු කියන්න   ජාතික තරුණ වේදිකාවක්

  රටේ ඉදිරි ගමන පිළිබඳ කරුණු කියන්න   ජාතික තරුණ වේදිකාවක්

558
0

“ජාතික තරුණ වේදිකාව” රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල  සිසුන් දායක කර ගැනීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා  තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව ද පැවසීය.

එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්මල සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම  ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණු අතර ඉන්දියාවල බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්යාලවල අධ්‍යාපනය  ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Previous articleආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්   
Next articleවිදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here