Home අද පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

563
0

2022 වර්ෂයේ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

තුන්වන වාරය ලබන 05 වනදා ආරම්භ වන අතර එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනක් යටතේයි.

ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා.

23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි.

Previous articleදකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කරන්න පුළුවන් – ජනපති
Next articleබදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here