Home අද උතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

උතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

651
0

මහව සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස 05 ට වසා දැමීමට සිදුවන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද(28දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ වනවිට මහව- යාපනය අතර උතුරු දුම්රිය මාර්ගය භාවිත කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් එබැවින් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් වෙනුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා දැමීමට සිදුවන බවද අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව ජනවාරි 15 දා සිට මැයි මාසය දක්වා දුම්රිය ගමනාගමනය නවත්වීමට සිදුවන බවත් ඉන් අනතුරුව ඉතාම හොද දුම්රිය මාර්ගයක් බවට උතුරු දුම්රිය මාර්ගය පත්කළ හැකි බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.

Previous articleරට බංකොළොත් වුණේ පාර්ලිමේන්තුව වගකීම ඉටු නොකළ නිසා
Next articleබැසිල් සල්ලි ගෙව්වා – සාගර කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here