Home අද මම ජනපතිවුණේ අරගලයේ පිනෙන් නෙමෙයි – ජනාධිපති

මම ජනපතිවුණේ අරගලයේ පිනෙන් නෙමෙයි – ජනාධිපති

517
0

තමන් ජනපතිධුරයට පත්වූයේ අරගලය නිසා නොවන බවත් ජනපති ඉවත් වූ නිසා ජනපතිධුරය භාර ගැනීමට අගමැතිට සිදුවෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“විජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනපතිවෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙමයි. ජනාධිපති ගියොත් ඒ් තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙනම් තමුන්නාන්සෙට ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණේ.

එයා බදාගෙන හිටියනම් මම ජනපති නෙමෙයි. මගේ ගෙදර පිච්චුවානේ මාව අයින් කරන්න කියලා. මම මේක ඉල්ලුවේ නෑ. මට මහානායක හිමිවරුන් කිව්වා. මම ගිහින් භාර ගත්තා. මම ලියුම් ලියුවේ නෑ. විපක්ෂනායක තුමාට අමතක වෙලා තියෙනවා ඒතුමා ජනපතිතුමාට එවපු ලිපිය. ඒ වෙනකොට මම දිවුරුම් දීලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ගිහින් විපක්ෂනායකතුමාගේ උපදෙස් ගත්තා. ”

Previous article‘සමාජ මාධ්‍යයට වාරණයක් පැනවිය යුතුයි’ – කපිල අතුකෝරාළ
Next articleවිශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නෑ – පැවිද්දන් කරන්න ඕන පැවිද්දේ වැඩ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here