කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයේ කටයුතු කරන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් එම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙස එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
කුලපති තනතුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත්කරනු ලබන නාම මාත්‍රික තනතුරක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති විධායක බලය හරහා උන්වහන්සේ මෙම තනතුරෙන් ඉවත්කර වෙනත් සුදුසු අයෙක් කුලපති ධුරයට පත් කරන ලෙසත් මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් සඳහන්වේ.